පපු කින්ත්ත
කඩා ගෙන
ලේ ධාතු උත්තේජනය
කරමින්
පූර්ව මස්තිශ්කයටම දැනෙන
ආදරය
හුස්ම පොද පවා
අවැසි නම්
දීමට මඟ බලනා
දෙපලක් ඇත
අම්මේ... තාත්තේ...
නිවන් දැකීමට පින්
ඇති
ඔබ දෙපලට
ඒත්
ලෝබ කමක් දැනේ සිතට
කියන්නට එසේ
අත්මාර්ථකාමීව
මතු බවයෙත්
පතමි
ඔබ උණුසුමෙහි ජනිත වීමට
අවැසි නොවේ
අයදීමට
දනිමි
එයටද හිමි වන බව
සමාව.....
තලා...................
ReplyDeleteඒ පැත්තේ අැවිත් තියෙනවා දැකලයි අාවේ... බොහොම සතුටුයි බ්ලොගය ගැන.. දිගට ම ලියමු.... බ්ලොග් ලෝකයෙන් අෑත් වෙන්න ඒපා කියලා ඉල්ලන්න කැමතියි... ජයවේවා
එළ එළ සහෝ
Delete