ඇස් දෙකම පේන
මිනිහෙක්
ගහනවා
කනේ පාරක්
අන්ධයෙක්ට
කවුරුත් නෑ
කතා කරන්න
යනව හැමෝම
නොදැක්කා
වගේ..
මේක ලියන්නේ අද දැක්ක දෙයක් නිසා හිතට පට්ටම අවුලක් තියෙන්නේ ඒකමයි මතක් වෙන්නෙ. උදේ මං ටවුන් එකේ ඇවිදගෙන යනකොට පේමන්ට් එකේ රෙදි වගයක් (මොනව හරි ඇදුම් හරියට දැක්කේ නෑ මොනවද කියල) විකුණනව මිනිහෙක් එතෙන අන්ධ මනුස්සයෙක් රෙදි අල්ලමින් හිටියා. මට හිතුනේ අලුත් අවුරුද්දට තෑගි දෙන්න වෙන්න ඇති. එත් මනුස්සයෙක්නෙ ඒ මිනිහටත් අවුරුද්ද දැනෙනවා. සමහර විට තමන්ගේ දරුවන්ට ගිහින් දෙන්න තොරනවා වෙන්න පුළුවන්. ඒ මනුස්සයත් තාත්තෙක් නම් ඔයලගේ අපේ තාත්තල තරම්ම ඒ මනුස්සයගේ දරුවන්ට ආදරෙයි. එත් අර මිනිහා යන්ඩ කිව්වා අර ඇස් පේන් නැති මනුස්සයාට එත් ගිය නෑ ඒ මනුස්සයා රෙදි තෝරමින් හිටියා. එක පාරට අර වෙලෙන්දා අර මනුස්සයාට කනේ පාරක් ගැහුවා පල යන්ඩ කියලා. අපි වගේ ඒ මිනුස්සයා ආයේ ගහන්ඩ ඈ. ඒත් ඒ මනුස්සයා මොනවා හරි කිව්වා මට ඇහුන්නෑ. ඒත් එක්කම අයෙත් අරු කනේ පාරවල් දෙකක් ගැහුවා. මිනිස්සු යනවා පාරේ දැක්කෙ නෑ වගේ බලන් ඉන්න බැරි තැන මන් ගිහින් ඇහුවා ඇයි ගහන්නේ කියලා. අරූ කියනවා ඕකට පේනවා මල්ලි කියලා. එතකොට එතන ත්‍රීවිල් පාර්ක් එකේ හිටපු කෙනෙක් මං ලගට ඇවිත් කිව්ව මල්ලි යන්ඩ ඔවුන් එක්ක කතා කරල වැඩක් නෑ කියලා. අර මනුස්සයට යන්ඩ කියල මාත් මගේ යාළුවත් එක්ක ආව. එන ගමන් මට හිතුනේ මිනිස්සු ඇයි මෙච්චර තිරිසන් කියල..
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Subscribe to:
Post Comments (Atom)
Popular Posts
FollowersAbout Me |
ඒ සමහර මිනිසුන්ගේ හැටි. හැබැයි නීතියෙන් දඬුවම් කරන්න ඕනේ ඔය වගේ දේට.
ReplyDeleteහ්ම්...
Deletehttp://nelumyaya.com/?p=1712
ReplyDelete