Tuesday, April 18, 2017

නුතන මානවයා

පිනකට හම්බුණ
මහ පොලවට
බලෙන්
අයිතිවාසිකම් කියාගෙන
කා කොටා ගෙන
ලේ වගුරවගෙන
ඒ මහ පොලවටම
ගරහන
එකෙක් පාගා
එකෙක් ගොඩ යන
එකෙකුට එකෙක් නැති
බල ලොල්
හැතිකරේ...

Sunday, March 19, 2017

අපි

ඉමක් කොනක්
නොදත්
මෙ
මහ විශ්වයේ
නොගිනිය යුතු
පුංචි තැනක
මහ ලොකුවට
හිතන්
රගන
නළුවො....


Sunday, December 11, 2016

සිහින ලග අපි

ලං වෙන්නට
හැකිමුත්
සැබෑ ලොවේදී
සිහිනයන්ට....
ලං විය යුතු
බොහෝ දෙයට
අවැසි කාලය..
කා දමති
මිනිසුන්
සිහින තුලම.....


Wednesday, February 17, 2016

මිනිස්සුද මේ...

ඔලු කුරුවල් වෙලා...
මහ ගොඩක් 
කුණු කන්දල්
හිත්වල
තෙරපෙනවා..
කැකෑරෙනව
වෙෙරය.. 
පැලෙනවා 
ඊරිසියාවට..
හිතෙනවා
මනසින් උසස් යැයි
කියනා
මිනිස්සුද මෙ....



Thursday, February 4, 2016

ගැලපේවිද අපි දෙන්න..

මම,
අාඩම්බරකාර 
රස්තියාදුකාරයෙක්.
උඹ,
ලස්සන
අහිංසක
කෙල්ලෙක්.
ගැලපේවිද අපි දෙන්න...

                       මම කැමති.. 
                       ඔයාගෙ ඔය
                       අාඩම්බරේට... 
හම්....
එ්ත්
උබෙ ඔය 
අහිංසක ලස්සන 
ඉස්සරහ
මගෙ අඩම්බරේ 
කොහෙ යනවද 
නිච්චි නැනෙ....



                      
 


මිනිස්සු නෑ

කාලෙකට ඉස්සර
සල්ලි වලට
ගන්න බැරි ගොඩක් දේවල්
මනුස්සකමට
ගන්න පුළුවන් උනත්
දැන්
මනුස්සකමට ගන්න බැරි
හැමදේම සල්ලි වලට
ගන්න පුළුවන්
මොකද
දැන් ඉස්සර තරම්
මිනිස්සු නෑ


නිදහස

        නිදහස, කියන්නට නම් දෑ බොහෝය. කොහෙන් පටන් ගෙන කොහෙන් නවත්වන්නද සිතා ගත නොහැකිය. බුදුන් වැඩිය රට මෙ ශ්‍රි ලංකාව. එදත් නිදහස වෙනුවෙන් අපි ජාති අාගම් භේද පසෙකලා ලංකිකයන් ලෙස සටන් වැදුනෙමු. අද වන විට තත්වය වෙනස්ය. ජාතින් වශයෙන් හා දේශපාලනික පාක්ෂ වශෙයන් බෙදී අැන කොටා ගන්නා යුගයකට එලබ තිබේ.ඉතින් කෙසේද පැහැදිලි අනාගතයක් සොයා ගන්නෙ. අපි 30 වසරක් යුද්ධයකින් පීඩා වින්දෙමු. තවත් යුද්ධයක් අපිට අවශ්‍ය නැත. රටක් දේශපාලනික වශයෙන් හෝ අර්ථික වශයෙන් හෝ සාමාජීය වශයෙන් ඔය ඔනෑම අාකාරයකින් අස්ථාවර කිරීමට පහසුම මග ජාති වාදය ගොඩනැගීමයි. එදා නිදහස වෙනුවෙන් අපි සටන් කලේ ජාතීන් වශයෙන් නොව ලාංකිකයන් වශයෙනි. එහෙත් පසුව අප ජාතීන් වශයෙන් අැන කොටා ගැනීම නිසා යුද්ධයක් අැති වුණි. මන්ද රට අස්ථාවර කීරීමට මාන බලන්නෙකුට එය කිරීමට පහසුම මග ජාතිවාදය අවුලා රට තුල ජනතාව කා කොටා ගන්නා තත්වයක් නිර්මාණය කිරීමයි. එක් වරක් එය සිදුවිය. එයින් අප සියලු දෙනා ජාති අාගම් භේදයකින් තොරව පීඩා වින්දෙමු. නැවතත් අපිට එවැනි තත්වයක්  අවශ්‍ය නැත. අපි ජාතීන් වශයෙන් නොව ලාංකිකයන් වශයෙන් බාහිරයට මුහුණ දිය යුතුය. ජාතීන් වෙනුවෙන් නොව ජාතීන් අතර අාරවුල් අැති කිරීමට මාන බලන්නන්ට විරුද්ධව අපි නැගී සිය යුතුය. එවිට මෙ නිදහස අපට පවත්වා ගත හැක. අපි සිංහලයන් වශයෙන් එදා මෙදා තුර අාතන්තුක සත්කාරයෙහි ලා  මුල්තැන ගත් ජාතියකි. අදටත් එ් සිංහලකම අප හැම දෙනා ලගම අැතිමුත් එය යටත් පත් වී අැත. අැතැමුන් පටු දේශපාලනික වාසි තකා හෝ තම පෞද්ගලික අරමුනු සදහා අත්මාර්ථකාමී ප්‍රතිපත්ති අනුගමනය කිරීම නිසා ෙමවැනි තත්ව උදාවී තිබේ. ඉතින්  කොහොම කිව්වත් කියන්නට අැත්තේ එක දෙයකි. නිදහස් සුන්දර ශ්‍රී ලංකාවක් සදහා අපි එක් විය යුතුයි. අප අාදරය කල යුත්තේ රටට මිස දේශපාලන මාත වාදයන්ට නොවේ. අපේ රණ විරුවන් අපට දිනා දුන් රට සුන්දර ලංකාවක් කිරීමට  ජාතීන් වශයෙන් නොව ලාංකිකයන් වශයෙන් ඉදිරියට යාමට හැකි වෙවායි පතමි.