Sunday, April 19, 2015

ඉටු දෙවියන්

පපු කින්ත්ත
කඩා ගෙන
ලේ ධාතු උත්තේජනය
කරමින්
පූර්ව මස්තිශ්කයටම දැනෙන
ආදරය

හුස්ම පොද පවා
අවැසි නම්
දීමට මඟ බලනා
දෙපලක් ඇත
අම්මේ... තාත්තේ...

නිවන් දැකීමට පින්
ඇති
ඔබ දෙපලට
ඒත්
ලෝබ කමක් දැනේ සිතට
කියන්නට  එසේ
අත්මාර්ථකාමීව
මතු බවයෙත්
පතමි
ඔබ උණුසුමෙහි ජනිත වීමට

අවැසි නොවේ
අයදීමට
දනිමි
එයටද හිමි වන බව
සමාව.....




2 comments:

  1. තලා...................

    ඒ පැත්තේ අැවිත් තියෙනවා දැකලයි අාවේ... බොහොම සතුටුයි බ්ලොගය ගැන.. දිගට ම ලියමු.... බ්ලොග් ලෝකයෙන් අෑත් වෙන්න ඒපා කියලා ඉල්ලන්න කැමතියි... ජයවේවා

    ReplyDelete