Wednesday, April 15, 2015

ගබ්සාව

තොපි රහයි කිය කියා
ගෙඩි කාලා
ඇට ඉතුරු කරලා
එව පැල උනාම
දගලනව
උගුල්ලන්න

පව්
කිසිවක් නොදත්
අහිංසක
ජීවිතය

හිටපු එකෙක්
වෙන්න
බැරි නෑ
තොපි ඔය නැති කල එකා
ලෝකය වෙනස්
කරන්න

බැරි නම් රැකගන්න
කමක් නෑ කෑවට
විසිකරපන් ඇට
පැල නොවෙන්න


4 comments:

  1. සිරා කතාව....
    ආදරේ ඵල නෙළුවට කමක් නෑ...මග දාලා ය්නඩ එපා කියනවනේ??

    ReplyDelete