Saturday, January 30, 2016

රොඩ්ඩ

උබ රොඩ්ඩක් වෙන්ඩ පුළුවන් 
මහා ලොකු system එකක් ලග
උන් උඹව අතුගාල දාවී
සැලෙන්න එපා 
මොකද 
උබ පොඩි උනත් 
උන්  බයයි උඹට
මොකද
ඔය මහා ලොකු system නවත්තන්න 
පොඩි පොඩි රොඩු කෑලි වලට පුළුවන්
එ්ත් system එක නවත්තන්න නෙවෙයි 
system එක වෙනස් කරන්න පුළුවන් තරමට 
උබ ශක්තිමත් වෙයන් 
ඔව් 
උබට පුළුවන්

අම්මා

කෙල්ල එනකං
බස් නැවතුමේ
පොල්ලකට 
වාරු වෙලා
රෑ වෙනකන්
බලන් ඉදල 
කාලෙ කාපු උබ
ගෙදර  එනකං 
පිල්කඩ උඩ
සාගින්නෙ බලන් ඉන්නවා
අම්මා


Thursday, January 28, 2016

හැකිද මෙලෙස..

වඩිනා විට
බුදු පුතෙක්
එලියයි පලාතම
සංවරයි,
සාමකාමී,
සුන්දරයි දැකීමට,
පින්වන්තයි..
ඒ රුව.
තවමත්.
කිවු විට සග රුවන
මැවෙන්නේ
රුවයි ඒ
ඒත් අද...
කෑ ගහනවා..
බැණ ගන්නවා..
ගහ ගන්නවා...
මහ පාරේ...
අසෝභනයි අපේ හාමුදුරුවනේ...
හැකිද රකින්න දහම
මෙලෙස කඩමින්
බුදුන් දෙසු විනය....



Friday, January 22, 2016

හම්මෙ.... දෙපාරයි

දත් පුට්ටු වෙන හීතලේ
සීතල පිණි බිංදුවක්
හිස් මුදුනට වැටනාම
හම්මෙ.....
හාරං ගියා වගේ දැනුන මට...

පුංචි  ලස්සන තරුවක්
අහසේ කෙලවරක තනිවෙලා
ඉන්නව දැක්ක මට
නිච්චි නැති වුනා
වේදනාව

ආයෙත්
වැටුනා
හෙන ගෙඩියක් වගේ
හම්මෙ....

(අත්දැකීමක් නොවේ...)


Thursday, January 21, 2016

හීන අස්සේ හීන

දැක්ක දැක්ක
හැම හීනෙම
හරි ගියා බන්
දරා ගන්ඩ බැරි වුනා
මයේ හිතේ
වෙලාවට අයෙත්
ඇහැරුනේ
නැත්තන් පුපුරනවා
සතුටට
ඇද උඩම
හීන අස්සේ හීන දැක්ක අැති
ගැම්මක් අරන්
ජීවිතයේ ගොඩ දා ගන්න
බැහැපන් ඇදෙන් බිමට...