Friday, November 8, 2013

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..........

    සොඳුරු මිනිසත් අත්ම ලබා ආත්මයට ගරහන්නාවූ අධම මිනිසුන්ගෙන් පිරි සංකීර්ණ ලෝකයක දෙකොන පැටලී මා අපහසුවෙන් ඉදිරියට ගමන් කිරීමට වෑයම් කරමි. තමන් ලැබූ උතුම් මිනිස් භවයට ගරුත්වය දීමට උපන්නවුන් සියළු දෙන කැපවන්නේද යන්න ප්‍රශ්නාර්ථයකි. මිනිසෙකුට උපකාර කල යුත්තේ මිනිසෙකි. යන කියමන අදට කෙතරම් දුරට වලංගු වන්නේදැයි මා නොදනිමි. එම පැනයට පිලිතුරු මා සතු නොවේ. පිලිතුර පෙනෙන තෙක් මානයෙහි අත්තේද නැත. පිලිතුරු සෙවීමට අසීරුවෙන් යන්නා වූ ගමන අඩාල කලද නොහැක.


 
   මිනිසෙකුගේ දියුණුව දැක හදවතින් සතුටු වන්නන් අද ඇත්තේ අල්පතරයකි. අනෙක් පිරිස කෙනෙකු බිම හෙලීමට ඇත්නම් එයයි ජයග්‍රනය ලෙස දකී. එය ජයද පැරදුමද කියා නිවී හැනහිල්ලේ විමසීමට එවුන්ට කාලයක් නොමැත මන්ද තවකෙකු හබා පගා දැමීමේ අධික ආශාවන් පසුපස හබා යාමට ඇති නිසාය. යමෙකුට කරදරයක් වූ විට අප කලයුත්තේ ඔහුව තව තවත් අඳුරේ හෙලීම නොව ආලෝකය පෙන්වීමයි. එයයි සැබෑ මිනිසත්කම එයයි එහි නිසි අරුත. එය ඇත්තේ අද සමාජයේ කොතැනද? අමාරුවෙන් නැගී සිටීමට වෙරදරන අහිංසක උත්සාහවන්තයෙකුට අත දීමට සැරසෙන්නන් අද සිටීද? සිදුවන්නේ විලොමයයි. වචනයකින් හරි නැගී සිටින්නාගේ ධෛර්යය බාල්දු කිරීමට පොරකති. මෙවන් බධා කිරීම අභියස නැගී සිටින්නා විශිෂ්ටයෙකි. එහෙත් එසේ බිහිවන්නේ සුළුතරයකි. අනෙකාගේ සතුට දැක සතුටු වීමට නොහැකි ජීවිත කුමටද? කෙනෙකු දුකින් සිටින විට අප කල යුත්තේ ඔහු අස්වැසීම නොවේද? එය අද සමාජයෙන් විසිවී ඇත.



  අදුරු සෙවනැලි ගහන සමාජයේ මමද ඉදිරියට පියවර තබන්නට වැයම් කරමි. පය පැටලෙන සේයකි. නමුත් යායුතුමයි. වසන්තය කොහේ දැයි නොදනිමි. නමුත් නැවතී බැලීමට කාලයක් නොමැත. මන්ද ජීවිතයට අර්ථයක් දිය යුතුමය. අඳුරු සෙවනැලි වලට පාඩම් කියා දීමට ම හට කාලය මිඩංගු කල නොහැක මන්ද දැනටමත් අප ප්‍රමාද නිසයි. එයයි හේතුව අපලග් අසරණ කමට. අවසන් වශයෙන් පෙන්වාදිය යුත්තේ එක් දෙයකි හැකිනම් මිනිසත්කම ජීවත් කරවීමට සොඳුරු උත්ස‍හයක යෙදෙන්න. අරුණැල්ලක් ඔබ වෙලා ගන්නවා නිසැකයි

No comments:

Post a Comment