බිරිද:- කෝ ඔයාගේ ඉස්සර තිබ්බ මහ ලොකු ආදරේ...
සැමියා:- මං ඒක පරිස්සමට අරන් තිබ්බ...
බිරිද:- ඒ අහවල් එකටද???
සැමිය:- වයසට ගියාම ගමු...
මට හිතෙන දේවල් , මම අහපු දේවල් , මම දකින දේවල් හැමදෙම ලියන්ටයි බලාපොරොත්තුව... සමහරවිට කුජීත වෙයි... සමහරවිට රසවත් වෙයි... කොහොම වෙතත් මම ලියනවා..... ඔයාලගේ විවෙචන අදහස් බලාපොරොත්තුවෙන්.. එහෙනම් ආයුබෝවේවා!!!!
Wednesday, February 18, 2015
උපාධිය
හැමෝම කිව්වෙ...
ගියාම,
ඔක්කොම හරි කියල.....
මාත් හිතුව,
එත්,
අවුරුදු 3ක්,
තටමලාවත්....
මේ බෙට්ට,
දාගන්ඩ පුලුවන් වෙයිද මන්ද.....
ගියාම,
ඔක්කොම හරි කියල.....
මාත් හිතුව,
එත්,
අවුරුදු 3ක්,
තටමලාවත්....
මේ බෙට්ට,
දාගන්ඩ පුලුවන් වෙයිද මන්ද.....
Tuesday, February 17, 2015
සල්ලි...
සමහරක්....
මනුස්සකමට පයින් ගසා...
රැකගන්නා වූ...
එත් සමහරෙක්
දාඩිය හෙලා
සොයාගන්නා වු
අමුතුම තාලයේ
කඩදාසි කැල්ල...
මනුස්සකමට පයින් ගසා...
රැකගන්නා වූ...
එත් සමහරෙක්
දාඩිය හෙලා
සොයාගන්නා වු
අමුතුම තාලයේ
කඩදාසි කැල්ල...
Sunday, February 15, 2015
අයියො බාගෙ......
දෙයියනේ කියල සෑහෙන කාලෙකින් අයේ පොඩි නිදහසක් හම්බුණා. ඉතින් හිතුව මොනව හිරි කොටල හිත පොඩ්ඩක් මෙව්ව කරගන්න. මේක අපේ එවුන් දෙන්නෙක්ට වෙච්චි පොඩි අකරතැබ්බයක් හිනා යයිද දන්නතේ නෑ කියවල බලහල්කො..
අපේ බොඩිමේ ඇන්ටි ඔය කන බොන වැඩවලට උදැල්ල දානව. එත් ඉතින් කොල්ලොනේ එහෙන් මෙහෙන් ලයින් කරනව කොහොම හරි. මෙ සිද්දිය වෙද්දි බොඩිමෙ හිටියේ දෙන්නයි. කට්ටියත් නැති එකේ මුන් දෙන්න කතා වුණාලු හීනියට අඩියක් ගහන්ඩ ඒත් ඇන්ටිට මාට්ටුවෙයි කියල බයයිලු. ඔනේ මගුලක් කියල දෙන්නත් එක්ක ටවුන් එකට ගිහින් බාගයක් ගත්තලු. දැන් ගත්තවගේ නෙවේ බෑග් එකක්වත් නෑලු කාමරේට ඇන්ටිට හොරෙන් ගෙනියන්නෙ කොහොමද කියල කල්පනා කර කර දෙන්න ගියලු.
එකේක වටපිට බලල හෙව ගෙමක් දීල අනික් එකාටත් signal එක දීල කාමරේට පැන ගත්තලු අරුත් පස්සෙන්ම අවිත් කලින් ආපු එකා කියනවලු අඩේ වෙලාව සුපිරි බන් ඇන්ටි දැක්කේ නෑ ගනින් ගනින් ඔක ගහමු කිව්වලු. එතකොට අරූ කියනවලු මචං බාගෙ ඇන්ටිට මාට්ටු උනොත් හරි නැති හින්ද මං ඒක ගේට්ටු කණුව අස්සෙ හංගල ආව කියල... අරු එහෙන්ම ඇද උඩින් වාඩි උනාලු

Tuesday, August 5, 2014
Saturday, December 7, 2013
පැරදුන මනුස්සකම.....
මේ කතාව මම ලියපු ඒවට වඩා ටිකක් වෙනස් සමහර විට මම වැරදි වෙන්න පුළුවන් ඒත් මේ මගේ අදහස. මේක අපේ මිනිස්සුන්ගෙ මම දැකපු අඩුපාඩුවක් එහෙමත් නැත්තම් දුර්වලතාවයක් කියන්න පුළුවන්. මේක නොදැනුවත්කමද අත්මාර්ථකාමීත්වයද යන්න තේරුම් ගන්න බෑ. සමහරවිට මෙක මගේ තේරුම් ගැනීමේ වරදක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් මම කථාව ලියනවා. වරදක් ඇතොත් සමාව අයදිමින්. :)
මේ කථාව ලියන්න ප්‍රධාන හේතුවක් වුනේ පසුගිය දිනවල මා බුකිය තුල දුටු පෝස්ටුය. පෝල් වොකර් මියගිය බව බුකිය භාවිතා කල ඔබට මට රහසක් නොවේ. බුකිය භාවිතා නොකරන අයටද නොරහසකි. කාරණය එය නොවෙ. ඔහුගේ මරණය නිසා කී දෙනෙකු විකුණගෙන කෑවාද යන්නයි. එ වචනේ සැර වැඩිද මන්ද කමක් නෑ. ඔහු ප්‍රසිද්ද පුද්ගලයෙකි. සමාජයට යමක් කල අයෙකි. එවන් අයෙකු වෙනුවෙන් අප දුක්වීම සාධාරණයි. නමුත් පසුගිය දින කීපයේම ඔබ මම බුකිය භාවිතා කරන සියලු දෙනාගේම wall පිරී තිබුනේ මොහු වෙනුවෙනි. එය වරදක් නොවේ. photo එකක් මගින් හෝ රටට ලෝකයට වැඩක් කල අයෙකු ඇගයීම අගය කල යුතුයි. නමුත් දැමු photo වල අරමුණ වූයේ එයමද යන්න මම නොදනිමි. ඔහු මිය ගිය මොහොතේ පටන් අද වන තුරු RIP Paul Walker නමින් හා ඊට අදාල page කීයක් නම් නිර්මාණය වුනාද? ඔහුගේ photo දමා මොහුට ආදරය කරනවනම් like කරන්න යනුවෙන් දමා කීදෙනෙකු තමන්ගේ page promote කර ගන්න දැගලුවාද? ඔවුන් කෙතරම් සාර්ථක වුනාද නැද්ද මා නොදනිමි. සමහර විට මා වැරදිය විය හැක. නමුත් එක ලයික් එකක් මගින් ඔහුගේ මරණය සැපවත් වෙයි කියල හිතන්න මට බැහැ. මොහුගේ මරණය පමණක් නොව අම්මට ආදරේ නම් තාත්තාට ආදරේ නම් මෙය share කරන්න like කරන්න වැනි photo ද බුකිය තුල අපමණය. මගේ අදහස ඔබ ඔවුන් වෙනුවෙන් ඔබේ ආදරේ බුකියේ share, like කර පලක් නැත. ඔවුන් වෙනුවෙන් යමක් කරන්න. ඔවුන් සතුටු වන ඔවුන්ට දැනෙන යමක් නැතුව ලෝකෙට පෙන්න photo share කිරීමෙන් පලක් නැත. මෙවැනි photo පොස්ට් කරන්නන්ගේ අරමුණ කුමක්දැයි මා නොදනිමි. මට පෙනෙන විදිය නම් තමන්ගේ වාසිය වෙනුවෙන් ඔවුන් මෙ දේවල් කරන්නේ යන්නයි. අනෙක් කාරණය වෙනත් රටක ජනප්‍රිය චරිතයක් මිය ගියවිට බුකිය තුල කෑගසන කීයෙන් කී දෙනාද අපි ජීවත්වෙන මේ රට වෙනුවෙන් දිවි දුන්න අත පය දුන්න ජනප්‍රියත්වයක් නැති ගමකින් ආපු අපේ රටේ සිංහල ලේ තියෙන ඒ එඩිතර සොයුරෙක්,සෙබලෙක් වෙනුවෙන් කෑ ගැහුවේ.
අද සමාජයේ ගොඩක් මිනිසුන්ගේ උත්සාහය අවස්ථාවෙන් ප්‍රයොජන ගැනීමයි. ඔවුන් එය ඔවුන්ගේ ජයග්‍රහනය ලෙස දකිනවා විය හැක. එහෙත් මා දකින විදිය නම් එයයි මනුස්සකමේ පරජය. එය තෙරුම් ගන්නා අයවලුන් ඇත්තේ අල්පයකි. අද ඇත්තේ මුදල, ජනප්‍රියත්වය පසුපස හබායන සමාජයකි. මනුස්සකම, හිතවත්කම වැනි දෑ වචන වලට පමණක් සීමා වී ඇත්තා සේය. ගොඩක් දෙනා කරන්නේ අපේ හදවත්වල් සියුම් තැන්වලට පහර දෙමින් ඔවුන්ගේ උවමනාවන් සපුරා ගැනීමයි. කල යුත්තේ එවා තේරුම් ගනිමින් තමන්ගෙන් තම පවුලට සමාජයට තමන්ට ආදරේ කරන මිනිසුන්ට ඉටුවිය යුතු යුතුකම් ඉටුකිරීමයි.

ස්තූතියි
Subscribe to:
Posts (Atom)