Tuesday, November 17, 2015

හරිම පින් ඉතින්

මේ කාලේ
අසරණ මිනිස්සුනට නම්
සරුයි මයේ හිතේ
මොකද
වැටෙනවානේ
ලයික් කමෙනට්
බරටම
බුකියේ
ඇති
හොදට කාල ඇදල
එවයෙන්
හරිම පින් ඉතින්....


Monday, November 16, 2015

මිතුදම

සිනහව
කදුල අතර දෝලනය වන
සිත් පොඩියේ
කිති කැවෙන
සුන්දර හැගීම්
බිදෙන්නට නොදී
අසුන්දර හැගීම්
දියකර
සොදුරු බව
රැක දුන්න
එදා මෙදා තුර
ආදරයට
නොදෙවෙනි
ඒ බැදීම

Sunday, November 15, 2015

පිරිහෙනවා බන්




කුරුටු ගෑ ගී පවුර පැත්තේ ගියපු වෙලවක දැක්ක ලස්සන වදන් ටිකක් "ඉංග්‍රිසි වෙන්න හදන අමුම අමු සිංහල ගැණු කියල"..  එ්ක කියෙව්වම මටත් ඉතින් හිතට එව මේව එන්න ගත්ත ඒ පාර ගත්ත මොනව හරි ලියන්න කියල

තියෙනව මචං 
සුද්දගේ
හොද මනුස්සකම්
දැන් ඉන්න
සිංහල අපිට වඩා....
පිලිවෙලයි බන් 
සුද්දො... 
උන් රකිනව
උන් උන්ගේ 
සම්ප්‍රදාය..
ඒත් 
අපේ උන්දැල
පුරුදු වෙලා  තියෙන්නෙ
උන්ගෙන්
හෙළුව පෙන්නන එක විතරයි
එන්න එන්නම
පිරිහෙනව බන් 
සමාජෙ


හැම සුද්දමත් එහෙම නෑ හැබැයි. සංවරව අදින පලදින සුද්දො සුද්දියො එමටයි. අපෙත් හැමෝම එහෙම නැ. තාමත් සිංහල කමට ගරු කරමින් සිංහලයෝ විදියට ඉන්න මිනිස්සු එමටයි. හැබැයි අඩු වෙගෙන යන්න‍ෙ එන්න එන්න පිරිහෙනවා. විකල්ප නෑ වගේ ඒවට මොකද ගොඩක් මිනිස්සු කැමති ඒ ක්‍රමෙ හබාගෙන යන්න. 

අහෝ බේදයකි ඉරකි තිතකි !!

පැරීසියට ගහල 
ත්‍රස්තවාදියෝ
මෙහෙ මිනිස්සු 
වැලපෙනව
ලෝකෙට පෙන්න 
පැරීසියෙවත් නැතුව ඇති
මෙහෙම 
අපේ මිනිස්සුන්ටත්
කරදර වෙනව
ඒ වෙලවට මෙහෙම නැත්තෙ
අපි පොෂ් 
නැති 
හින්ද වෙන්න ඇති 
මනුස්සකම ගිහින් 
අම්මෙ රැල්ලටම
නැත්තම් මෙහෙමවෙයිද 

වැලපියන් ලොකෙට පෙන්න නෙවෙයි 
                                                    හදවතින් 
උදව් කරපන් ලොකෙට පෙන්න නෙවෙයි 
                                                    හදවතින් 

බොරු ෂෝ ඔනේ නෑ මචං අපි මිනිස්සු 

 

Monday, November 9, 2015

හිමියනි පතමි අමා මහ නිවන් සුව!!!!

බලන්නවත් එපා..
අපේ හාමුදුරුවනේ
වැඩක් නෑ...
කරල හොදක්,
මේ
අදෝ සමාජෙට..
මුං ලග නෑ
මනුස්සකම...
ඔබ යන්න....
එතෙරට මෙ
සසරින්....
උපන් බිමට
ණය නැති
පුතෙකි
නුඹ...