Thursday, April 30, 2015

තිරයෙන් පිටු පස

අහසේ පායන
තරු
සීතලයි වගේ
පෙනුනට
ලගට
ගියොත්
අළු වෙන තරමටම
රස්නෙයි....

Sunday, April 19, 2015

ඉටු දෙවියන්

පපු කින්ත්ත
කඩා ගෙන
ලේ ධාතු උත්තේජනය
කරමින්
පූර්ව මස්තිශ්කයටම දැනෙන
ආදරය

හුස්ම පොද පවා
අවැසි නම්
දීමට මඟ බලනා
දෙපලක් ඇත
අම්මේ... තාත්තේ...

නිවන් දැකීමට පින්
ඇති
ඔබ දෙපලට
ඒත්
ලෝබ කමක් දැනේ සිතට
කියන්නට  එසේ
අත්මාර්ථකාමීව
මතු බවයෙත්
පතමි
ඔබ උණුසුමෙහි ජනිත වීමට

අවැසි නොවේ
අයදීමට
දනිමි
එයටද හිමි වන බව
සමාව.....




Saturday, April 18, 2015

ආත්ම තෘප්තිය

සමහරවිට
අද
හිනාවෙන මිනිස්සු
දවසක අඩයි
අඩන මිනිස්සු
දවසක හිනාවෙයි
විටෙක දුකයි
විටෙක සැපයි
ඒත්
අනෙකගෙ
කදුලට
සිනහවක්
එක් කරන්නට
හැකිනම්
උඹට
පුළුවන්
හිනාවෙන්න
හැමදාම
මෙලොවත් එලොවත් 


Wednesday, April 15, 2015

ගබ්සාව

තොපි රහයි කිය කියා
ගෙඩි කාලා
ඇට ඉතුරු කරලා
එව පැල උනාම
දගලනව
උගුල්ලන්න

පව්
කිසිවක් නොදත්
අහිංසක
ජීවිතය

හිටපු එකෙක්
වෙන්න
බැරි නෑ
තොපි ඔය නැති කල එකා
ලෝකය වෙනස්
කරන්න

බැරි නම් රැකගන්න
කමක් නෑ කෑවට
විසිකරපන් ඇට
පැල නොවෙන්න


Monday, April 13, 2015

සුභ අලුත් අවුරුද්දක් වේවා!!!

කොහාගෙත් නෑ
වැඩි සද්දයක්
silent mode
දාල වෙන්ඩෑ
මයෙ හිතේ
කමකි නෑ ඔහේ
කවුරු නැති උනත්
පතනවා
සුබ පැතුම්
බොක්කෙන්
වේවා!!!
කරදර බර බර නැති
සුබම සුබ අලුත් අවුරුද්දක්

   (උදියා- බඹරා(UOK))



Sunday, April 12, 2015

අවුරුදු

එදා
අපි 
ඇගිලි ගනිමින්
මාසෙක විතර ඉදන්
එනකන් බලන් ඉදල
අලුත් ඇදුම් ඇදන් 
උජාරුවෙන් 
ගමේ ඇවිදපු 
අවුරුද්ද

අද
ආව ගියා


Saturday, April 11, 2015

අමන සමාජය

ඇස් දෙකම පේන
මිනිහෙක්
ගහනවා
කනේ පාරක්
අන්ධයෙක්ට
කවුරුත් නෑ
කතා කරන්න
යනව හැමෝම
නොදැක්කා
වගේ..

















        මේක ලියන්නේ අද දැක්ක දෙයක් නිසා හිතට පට්ටම අවුලක් තියෙන්නේ ඒකමයි මතක් වෙන්නෙ. උදේ මං ටවුන් එකේ ඇවිදගෙන යනකොට පේමන්ට් එකේ රෙදි වගයක් (මොනව හරි ඇදුම් හරියට දැක්කේ නෑ මොනවද කියල) විකුණනව මිනිහෙක් එතෙන අන්ධ මනුස්සයෙක් රෙදි අල්ලමින් හිටියා. මට හිතුනේ අලුත් අවුරුද්දට තෑගි දෙන්න වෙන්න ඇති. එත් මනුස්සයෙක්නෙ ඒ මිනිහටත් අවුරුද්ද දැනෙනවා. සමහර විට තමන්ගේ දරුවන්ට ගිහින් දෙන්න තොරනවා වෙන්න පුළුවන්. ඒ මනුස්සයත් තාත්තෙක් නම් ඔයලගේ අපේ තාත්තල තරම්ම ඒ මනුස්සයගේ දරුවන්ට ආදරෙයි. එත් අර මිනිහා යන්ඩ කිව්වා අර ඇස් පේන් නැති මනුස්සයාට එත් ගිය නෑ ඒ මනුස්සයා රෙදි තෝරමින් හිටියා. එක පාරට අර වෙලෙන්දා අර මනුස්සයාට කනේ පාරක් ගැහුවා පල යන්ඩ කියලා. අපි වගේ ඒ මිනුස්සයා ආයේ ගහන්ඩ ඈ. ඒත් ඒ මනුස්සයා මොනවා හරි කිව්වා මට ඇහුන්නෑ. ඒත් එක්කම අයෙත් අරු කනේ පාරවල් දෙකක් ගැහුවා. මිනිස්සු යනවා පාරේ දැක්කෙ නෑ වගේ බලන් ඉන්න බැරි තැන මන් ගිහින් ඇහුවා ඇයි ගහන්නේ කියලා. අරූ කියනවා ඕකට පේනවා මල්ලි කියලා. එතකොට එතන ත්‍රීවිල් පාර්ක් එකේ හිටපු කෙනෙක් මං ලගට ඇවිත් කිව්ව මල්ලි යන්ඩ ඔවුන් එක්ක කතා කරල වැඩක් නෑ කියලා. අර මනුස්සයට යන්ඩ කියල මාත් මගේ යාළුවත් එක්ක ආව. එන ගමන් මට හිතුනේ මිනිස්සු ඇයි මෙච්චර තිරිසන් කියල..