Friday, March 27, 2015

තනිවුණු සිතුවිලි

උල්කාපාතයක්
හිත මත වැටී
දැවෙනා.....
එත්
අළු වෙන්නෑ
මෙ සිතුවිලි....
සඳක් නැති අහස
අඳුරුයි තමා....
එත්
තරු එක්ක
ඒ තනිකම
බෙදා ගෙන
ජීවත් වෙන එක
කාටත්
හොදයි......


Thursday, March 12, 2015

ගේම

අමාරුයි මචං,
උස්සන්න 
ඔළුව
අයේ ඇවිත් වගේ.....
සක්වල ගලින් 
එහාට පන්නපු
යක්කු 
බෑ වගේ... 
දිනවන්න 
ඇත්ත
අඩෙනවා
තනි ඇහැට 
එත් 
අත අරින්නෑ
ගේම.....