Sunday, February 22, 2015

අමුතු ආද‍රවන්තයෝ

පොඩි කෙල්ලො
බනිස් අරන් ගිහින්
අරන් එන්නෙ
හිල් වඩේ......

නංගියේ,
ඔය උබේ
ආදරවන්තයා  නෙවෙයි

උඹව
ගොනාට අන්දපු
මෝල්
අමාරු කාරයෙක්,,,,,


Saturday, February 21, 2015

හිත

මොනවා කරලවත්
එකතැන තියගන්ඩ බෑ නේ
මේ හිත
හොයන්නෙ...ම 
සැප 
බලන් ගියාම 
මගෙ හිතත්

පට්ට 
වල්


Friday, February 20, 2015

අවාසනාව

හද හම්බුනාම
මතක් උන් නෑ
අමාවක කියල එකක්

ශිට්.....

මතක් උනානම්
පරණ වෙච්ච
ලංතැරුමක්වත්
හොයාගෙන
තියාගන්නවා.....


විරහව

කමක් නෑ නාවට
මගේ මළ මගමට
ආවත්
හිටපන්
නොදන්නවා වගේ
අඩන්න එපා උඹ

මොකද
තුරුම්පු තියන්
උබේ කොලේ නොකපපු මට
කෙළියනේ
ෆුල් කෝට් අතක්ම උඹ .....


Thursday, February 19, 2015

අගය

ලයිට් හම්බුණාම 
උන්නද මලාද බැලුවෙ නෑ
ඉටි පන්දම

එත්
දැන්
ලයිට් ගිහින්
හොයනවා
ඉටිපන්දම්

පස්ස 
පූට්ටු කරන්......... 


තිත්ත - ඇත්ත

මිනිස්සු දිව්‍යලා්‍ෙක වලට ආසයි
යන්ඩත් ඕනේ එහෙ
එත් මැරෙන්ඩ
බයයි...

අපායේ යන්ඩ බයයි
යන්ඩ අකමැතිමත් එහෙ
එත් කරන්නෙම පව්...

මොකද

හැමොම
හොයන්නේ
ක්ෂණික ආතල් 

මචං

හිරි වැටෙන්න
බොක්කටම වදින
අපේ කාලයේ 
අකුරු දෙකේ 
සරලම වචනය 
මොකක්ද මචං

ඔව් මචං 
මචං තමයි 

Wednesday, February 18, 2015

උරුමය

මම පැත්තකින් ඉද්දි
ඒ 
ඇද උඩම
තව එකෙක්
මගේ ගෑණිගේ 
තනෙ එල්ලිලා..
කිරි බොනව..

මක් කරන්නද
මගේ ලේ නොවැ... 



ආදරය

බිරිද:- කෝ ඔයාගේ ඉස්සර තිබ්බ මහ ලොකු ආදරේ... 
             
                  සැමියා:- මං ඒක පරිස්සමට අරන් තිබ්බ...
             
බිරිද:- ඒ අහවල් එකටද???
                       
                   සැමිය:- වයසට ගියාම ගමු...
         

උපාධිය

හැමෝම කිව්වෙ...
ගියාම,
ඔක්කොම හරි කියල.....
මාත් හිතුව,

එත්,
අවුරුදු 3ක්,
තටමලාවත්....
මේ බෙට්ට,
දාගන්ඩ පුලුවන් වෙයිද මන්ද.....


Tuesday, February 17, 2015

කසාද සහතිකය


කන්‍යාවිය,
ගැහැණියක් කිරීමට
නීතියෙන් ගන්නාවු
අවසරය 

සල්ලි...

සමහරක්....
මනුස්සකමට පයින් ගසා...
රැකගන්නා වූ...

එත් සමහරෙක්
දාඩිය හෙලා
සොයාගන්නා වු

අමුතුම තාලයේ
කඩදාසි කැල්ල...


Sunday, February 15, 2015

අයියො බාගෙ......

   දෙයියනේ කියල සෑහෙන කාලෙකින් අයේ පොඩි නිදහසක් හම්බුණා.  ඉතින් හිතුව මොනව හිරි කොටල හිත පොඩ්ඩක් මෙව්ව කරගන්න.  මේක අපේ එවුන් දෙන්නෙක්ට වෙච්චි  පොඩි අකරතැබ්බයක් හිනා යයිද දන්නතේ නෑ කියවල බලහල්කො..
     
   අපේ බොඩිමේ ඇන්ටි ඔය කන බොන වැඩවලට උදැල්ල දානව. එත් ඉතින් කොල්ලොනේ එහෙන් මෙහෙන් ලයින් කරනව කොහොම හරි. මෙ සිද්දිය වෙද්දි බොඩිමෙ හිටියේ දෙන්නයි. කට්ටියත් නැති එකේ මුන් දෙන්න කතා වුණාලු හීනියට අඩියක් ගහන්ඩ ඒත් ඇන්ටිට මාට්ටුවෙයි කියල බයයිලු. ඔනේ මගුලක් කියල දෙන්නත් එක්ක ටවුන් එකට ගිහින් බාගයක් ගත්තලු. දැන් ගත්තවගේ නෙවේ බෑග් එකක්වත් නෑලු කාමරේට ඇන්ටිට හොරෙන් ගෙනියන්නෙ කොහොමද කියල කල්පනා කර කර දෙන්න ගියලු.
   එකේක වටපිට බලල හෙව ගෙමක් දීල අනික් එකාටත් signal එක දීල කාමරේට පැන ගත්තලු අරුත් පස්සෙන්ම අවිත් කලින් ආපු එකා කියනවලු අඩේ වෙලාව සුපිරි බන් ඇන්ටි දැක්කේ නෑ ගනින් ගනින් ඔක ගහමු කිව්වලු. එතකොට අරූ කියනවලු මචං බාගෙ ඇන්ටිට මාට්ටු උනොත් හරි නැති හින්ද මං ඒක ගේට්ටු කණුව අස්සෙ හංගල ආව කියල... අරු එහෙන්ම ඇද උඩින් වාඩි උනාලු