Friday, November 15, 2013

උත්තම පුරුෂත්වය...

දෙපයන් නැගී සිටීමට ජවය සැපයූ..
වැටෙනා කල නගා සිටවු.. 
වීර කාව්‍යයක සෑබැ චරිතය වු...
අමිල මෙහෙයක හිමිකරු,
පිටට නොපෙනෙන
නිමල සෙනෙහසක අයිතිකරු,
කවි ගි නොලියවුණු ආදරයේ මැවුම් කරු,
මගේ ජීවිතයේ 
උත්තම පූරුෂයා ද, වීරයාද, 
නූඹයි 
තාත්තේ.......



Monday, November 11, 2013

නුඹයි අම්මේ.....

ඉබාගාත වූ ආත්මය,
එකළු කලා වූ.....
ජීවය ජනිත කලා වූ....
ජනිත වූ  ජීවයට,
අර්ථයක් එක් කලා වූ.....
පණ පෙව් ජීවය,
දෙපයින්  නැගිටුවා වූ....
වැය කල කිසිවක්,
නැවත බලාපොරොත්තු නො වූ.....
මාගේ ජීවිතයේ අයිතිකාරිය ද ,
ජීවිත කතාවේ පන්හිද ද,
නුඹයි මගේ
අම්මේ.....




Sunday, November 10, 2013

බලා හිදිනෙමි වසන්තය අභියස.....

ඔබට පිදූ සෙනෙහසට
නැත නිමක් තිබුනේ...
ඉරණමට පිටු පෑමට
නැත වරම් ලැබුනේ...

සුන්දර වෘත්තාන්තයකි...  ආදරය..
එහි අසුන්දර රූපරාමුවකි.. වෙන්වීම..
ඔබ ද මා ද අසරණය.. එ තුළ..
නොදනිමි ලැබේදැයි..  මගේ ආදරය.. ඒත්.....
බලා හිදිනෙමි. වසන්තය අභියස....

ඔබේ අරමුණ කුමක්දැයි
මා තුළ නොමැත හැඟීමක්....
දනිමි එක් දෙයක්...
තවමත් ආදරෙයි සත්තකින්....


Friday, November 8, 2013

අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා..........

    සොඳුරු මිනිසත් අත්ම ලබා ආත්මයට ගරහන්නාවූ අධම මිනිසුන්ගෙන් පිරි සංකීර්ණ ලෝකයක දෙකොන පැටලී මා අපහසුවෙන් ඉදිරියට ගමන් කිරීමට වෑයම් කරමි. තමන් ලැබූ උතුම් මිනිස් භවයට ගරුත්වය දීමට උපන්නවුන් සියළු දෙන කැපවන්නේද යන්න ප්‍රශ්නාර්ථයකි. මිනිසෙකුට උපකාර කල යුත්තේ මිනිසෙකි. යන කියමන අදට කෙතරම් දුරට වලංගු වන්නේදැයි මා නොදනිමි. එම පැනයට පිලිතුරු මා සතු නොවේ. පිලිතුර පෙනෙන තෙක් මානයෙහි අත්තේද නැත. පිලිතුරු සෙවීමට අසීරුවෙන් යන්නා වූ ගමන අඩාල කලද නොහැක.


 
   මිනිසෙකුගේ දියුණුව දැක හදවතින් සතුටු වන්නන් අද ඇත්තේ අල්පතරයකි. අනෙක් පිරිස කෙනෙකු බිම හෙලීමට ඇත්නම් එයයි ජයග්‍රනය ලෙස දකී. එය ජයද පැරදුමද කියා නිවී හැනහිල්ලේ විමසීමට එවුන්ට කාලයක් නොමැත මන්ද තවකෙකු හබා පගා දැමීමේ අධික ආශාවන් පසුපස හබා යාමට ඇති නිසාය. යමෙකුට කරදරයක් වූ විට අප කලයුත්තේ ඔහුව තව තවත් අඳුරේ හෙලීම නොව ආලෝකය පෙන්වීමයි. එයයි සැබෑ මිනිසත්කම එයයි එහි නිසි අරුත. එය ඇත්තේ අද සමාජයේ කොතැනද? අමාරුවෙන් නැගී සිටීමට වෙරදරන අහිංසක උත්සාහවන්තයෙකුට අත දීමට සැරසෙන්නන් අද සිටීද? සිදුවන්නේ විලොමයයි. වචනයකින් හරි නැගී සිටින්නාගේ ධෛර්යය බාල්දු කිරීමට පොරකති. මෙවන් බධා කිරීම අභියස නැගී සිටින්නා විශිෂ්ටයෙකි. එහෙත් එසේ බිහිවන්නේ සුළුතරයකි. අනෙකාගේ සතුට දැක සතුටු වීමට නොහැකි ජීවිත කුමටද? කෙනෙකු දුකින් සිටින විට අප කල යුත්තේ ඔහු අස්වැසීම නොවේද? එය අද සමාජයෙන් විසිවී ඇත.



  අදුරු සෙවනැලි ගහන සමාජයේ මමද ඉදිරියට පියවර තබන්නට වැයම් කරමි. පය පැටලෙන සේයකි. නමුත් යායුතුමයි. වසන්තය කොහේ දැයි නොදනිමි. නමුත් නැවතී බැලීමට කාලයක් නොමැත. මන්ද ජීවිතයට අර්ථයක් දිය යුතුමය. අඳුරු සෙවනැලි වලට පාඩම් කියා දීමට ම හට කාලය මිඩංගු කල නොහැක මන්ද දැනටමත් අප ප්‍රමාද නිසයි. එයයි හේතුව අපලග් අසරණ කමට. අවසන් වශයෙන් පෙන්වාදිය යුත්තේ එක් දෙයකි හැකිනම් මිනිසත්කම ජීවත් කරවීමට සොඳුරු උත්ස‍හයක යෙදෙන්න. අරුණැල්ලක් ඔබ වෙලා ගන්නවා නිසැකයි

කීරි ගැසුනු හදවත.....

  මේ කතාව නම් Booooring වෙයි සමහරවිට කමක් නැ ඕනා එකක් කොටන්න ගත්තු එක කොටලම දානවා.. ඔබේ අවංක අදහස් බලාපොරොත්තුවෙන්

    මහා පාපයක් කල පාපතරයෙකුගේ හැගීම මගේ හද පෙලනවා... මන්ද යන්න මා නොදනිමි. නමුත් මා සිතා මතා කිසිවෙකුට වරදක් කර නොමැත. සමහරකුගේ චෝදනා හද සසල කරවයි. පෙරකිසිදාක මෙවන් හැගීමක් දැනී නොමැත. ඒ මා මින් පෙර චෝදනා නොලැබුවෙකු නිසා නොවේ. මා ඇති තරම් දේ අසා තිබේ. වැරදිකාරයා වී තිබේ. වරද මා සතු නම් එය මා පිලිගනිමි. එහෙත් මෙතුල මට වරද කුමක්දැයි සොයා ගත නොහැක. කාත් කවුරුවත් නොමැති අන්ත අසරණයෙකුගේ හැගීම් මා තුල තෙරපෙනවා යැයි විටෙක සිතේ. පද ගැට ගැසීමටද අසීරුවක් ම හට දැනේ. මහා විඩාවක් ඇති සේයකි. බලාපොරොත්තු සියල්ල බිඳ වැටී කුඩු වී ගොස් මෙනි. සිත අවනත නැත. මා නොදනිමි. මා හිත හදා ගතයුතුද? තවත් එක් බලාපොරොත්තු කෑල්ලක් සිතේ දල්වාගෙන මා බලා සිටිය යුතුද? තීරණය ගැනීම අති දුෂ්කරය. සාංකාවකි ම සිත තුල. කුණාටුවට අසුවී නැව විනාශ වූ නැවියෙකුගේ ස්වාභාවයද මෙයම වනු ඇතැයි විටෙක සිතේ. මන්ද ඇත්තේ එක් බලාපොරොත්තුවයි. ජීවතය බේරා ගැනීම පමණයි.


 
       මෙතෙක් ජීවිතයේ කිසිවෙකුට මා බල කර නොමැත. චෝදනාව බරපතලය. අති සංකීර්ණය. මූසල වලාවකින් සිත වෙලාගෙන ඇති සේයකි. මා අතරමං වී ඇත. මේ චෝදනාව මෙතරම් දැනුනේ මන්දැයි මම තවම සොයමි. විසදුම පේන තෙක් මානයක් නැත. එකම එක් පැනයක් මා සතුය. ඒ මා මෙතැන නැවතිය යුතුද? යන්නයි. නැත නැවතී පලක් නැත. දෛවයට මුහුණ දිය යුතුය. ඒත්... ඒ කෙසේද යන්න මා සිතා නොමැත.සිතාගතද නොහැක. ගෙම්බෙක් වීමට නොහැක.. සිත යනු වදයක් යැයි විටෙක සිතේ කාලකන්ණි හැගීම් මා සිත තල දෝලනය වේ. විටෙක් මටම මා ගැන බියක් දැනේ. සිත හදා ගත යුතුය. මා වෙනුවෙන් නොව මා වෙනුවෙන් බලා සිටින එවුන් වෙනුවෙන් මාගේ විජයග්‍රහනය දැක අවංකවම සතුටු වන්නන් වෙනුවන්. මා එය කරමි එයයි මගේ අරමුණ. එයයි මාගේ වගකීම. චෝදනාව කෙතරම් දුරට සාර්ථකද ආසාර්ථකද යන්න මා නොදනිමි. විටෙක මා වැරදිකරු විය හැක. කෙසේ වුවද වරදක් වූවානම් සමාව අයදිමි. සමාව පිලිගනිවී යන අහිංසක බලාපොරොත්තුව සිත දල්වාගෙන් මා නැගී සිටිමි. කිසිවෙකු සමඟ වෛරයක් නැත. විශාල දුකක සුන්බුන් තවමත් සිත තුල ඒ මෙ අත විසි වේ. වේදනාව බර වැඩි සේයකි. කිරීමට දෙයක් නැත ජීවත් විය යුතුය. සැමට සෙනෙහෙ සිතින් සුබ පතිමි. නමුත් ඒ ‍ලෙන්ගතු වේදනාවට පවා මා ආදරය කරමි. කිළුටක් නැ සත්තයි


Thursday, November 7, 2013

වචනයට පමණක්ම සීමාවූ...... (දෙවෙනි කොටස)

    ජීවිතයට  විවිධාකාරයේ අය පැමි‍ණෙති. සමහරුන් ඉක්මනින් සමුගනී. සමහරු ජීවිත කාලයම අප සමඟ සිටී. නමුත් අපට ඔවුන් වෙන් කර හදුනාගත හැකිද? සමහරුන් ජීවිතය වර්ණවත් කරයි සමහරුන් ජීවිතයට දුක ගෙන එයි. නමුත් මේ හැමදෙයින් අපි ජීවිතයට මුහුණදීමට ඉගෙන ගන්නවා යන්න නිසැකයි. අපිට සමහරුන් කෙරෙහි වෛරයක් ඇතිවේ. තවත් සමහරුන්ට කෙතරම් ඉක්මනින් අපිව දමා ගියත් මුළු ජීවිත කාලයම ඔවුන්ගේ මතකයන් සමග ජීවත් විය හැක. එය එකිනෙකාට වෙනස් සංසිද්දියකි. සමහරු බොරු වැරදි කියා අපිව හැර යති. ගරහති. හිත රිදවති. හැම දෙයකින්ම අපි ජීවිතයට මුහුණ දීමට නව මගක් සොයා ගනු ඇත.
   
     සමහර මිනිසුන්ට අප ගොඩක් ආදරය කරනවා. ඒවාට නිසි වටිනාකම අපිට ලැබෙනවාද? නමුත් අපි ඔවුන්ට ගැරහිය යුතුද? මගේ මතය නම් නැත. අපි අවංක වීම ප්‍රමාණවත්ය මන්ද ලොකයෙහි ධර්මය නම් වු යම්දෙයක් පවති ඒ කෙරෙහි මාගේ දැඩි විශ්වාසයක්ද ඇත. අපට ලෝකය වෙනස් කල නොහැක. කළ යුත්තේ අප නිවරදි මග ගමන් කිරීම පමණි. කෙනෙකුගේ ආදරයට ලෙන්ගතු කමට නිසි වටිනාකම අපට දිය හැකි නම් එය ඔහුගේ ආත්මයටම කරන්නාවු ප්‍රති උපකරයක යැයි මා දකිමි.
     
    කවුරු කෙතරම් හැඩ වැඩ දමා කෙතරම් අපුරුවට පැවසුවද තමන්ට මෙලොව වැඩියෙන්ම ආදරය කරන්නේ තමන්මය. එය නැත යැයි කිව හැකි කිසිවෙක් ඇතැයි නොසිතමි. යාමට අවැසි කෙනා මොන දේ කියා මොන පොරොන්දු දී තිබුනත් අත්හරිනා බව නිසැකයි. යා යුත්තාට ඉඩදිය යුතුය. එය අපගේම යහපත පිණිසයි. මන්ද යා යුත්තාට තවත් ලංවීමෙන් ප්‍රයොජනයක් ඇතැයි ‍නොසිතමි. අප ඔවුන් නොමැතිව ජීවත් වීමට හුරු විය යුතුය. මන්ද තනිව පැමිණි මෙලොවෙහි කිසිවෙකු සමඟ නැවත යා නොහැක. එයට අප මුහුණ දිය යුතුය.
     
    නමුත් ජීවත් වාන්නාවු ටික කාලයේදී අනෙකාගේ හැගීම් තෙරුම් ගෙන ජීවත්විය හැකි නම් එයයි ජීවිතය. ජීවත් වන්නාවු ටික කාලයේදී අප කලයුත්තේ අනනෙකාව රිදවීම , හැඩවීම, මුලාකිරීම නොව සහයොගයෙන් සහොදරත්වයෙන් ජීවත්වීම නොවේද? මා දකිනා ලෙස ජීවිතය පමණක් නොව සසර ජය ගැනීමටද එයයි මඟ. එයයි ජීවිතය. ජීවිතය යන්නෙහි නිවරදි අර්ථය එයමයැයි මා සිතමි.
     
   ජීවිතයට විවිධ බාධක පැමිණේ ඒවාට නිවරදිව මුහුණ දිය යුතුය. ප්‍රශ්ණ වලින් පැන යාම තම වටිනා ජීවියට කරන්නාවු  අපහාසයකි. නිවරදිව මුහුණ දෙන්න ජීවිතය ජය ගැනීමේ පන්නරය ඔබ‍ට වැරදෙන වාරයක් පාසා ඔබ ලගට කිට්ටු වෙනවා නොඅනුමානය. ජීවිතයට මුහණ දෙන්න. වටිනා ජීවිතයට නිවරදි අර්ථකතනයක් ලබාදීමට ජීවත් වන්නාවු ටික කාලයේදී වෙහෙසෙන්න අනෙකාට සංවේදිවන්න ගරුකරන්න, අහුම්කන් දෙන්න, එවිට ඔබ ජීවිතය දකිනවා.... සත්තයි.
                   
     සමාජයේ වචනයට පමණක්ම සීමා වු...... ඒ මනුස්සකමට නිසි අරුත දිය හැකි නම් එයයි ජයග්‍රහනය...
       
       

වචනයට පමණක්ම සීමා වූ....................

   බ්ලොග් සමාජයට මා නවකයෙකි. මේ මාගේ පලමු ලිපියයි. මෙය කොතෙක් දුරට සාර්ථකද සාධාරණද, යන්න තීරණය ඔබ සතුයි.ඔබගේ අදහස් උපදේශ බලාපොරොත්තු වෙමි. ඒවාට ගරුකරමි ආදරයෙන් භාරගනිමි. මා වරැදි නම් වැරදි හදා ගනීමට බලාපොරොත්තු වෙමි.

     බහුතරයක් දෙනා බලන්නේ තමන්ගේ වාසිය, නමිබුව, ගරුත්වය ගැන විතරයි. අනෙකට හෙන ගැහිල ගියත් ගානක් නෑ. අනික් මිනිහගෙ සෙනෙහස, ලෙන්ගතුකම, ආදරය කියන දේවල් ඔවුන්ට වචන පමණයි. සමහරුන් යථාර්තය දකිනවා එත් සමහරු දෙලොවක් අතර අතරමං වෙලා.. තමන්ගේ ජීවිතය තරම් වටිනාකමක් සමහරුන් සමහරුන්ට දෙනවා එත් ඒ වටිනාකමට අර්ථයක් දෙන්න හැම දෙනාම දන්නවාද කියන දෙ සැකයක්. මිනිහෙක් තවත් මිනිහෙකට පොරොන්දුවක් වෙන්න ඕනේ ඒක ඉටු කරන්න පුළුවන් නම් විතරයි කියන දේයි මගේ අදහස නැතුව ඒ වෙලාවට ගැලවීමේ මගක් විදයට නෙවෙයි. කෙනක් තමන්ව අධිකව විශ්වාස කරන පුද්ගලයෙකුට වංචාවක් කරනවා කියන්නෙ එක ගෙවල ඉවර කරන්න බැරි දෙයක්. ඒක තෙරුම් යද්දි පෙරහැර ගිහින් ඉවරයි. මේක මගෙ ජීවිතයට සම්බන්ධ දෙයක් කියල හිතන්ඩ එපා. මම මෙච්චර කල් සමාජයේ අහපු දැකපු දේවල් නිසා හිතට දැනුන දේ එලියට දැම්ම විතරයි කෙතරම් දුරට සාධාරනද නැද්ද යන්න නොදනිමි. විචාරය අදහස් දැක්වීමේ අයිතිය ඔබ සතුයි. මිනිහෙක් තමන්ට දෙන ආදරයට සෙනෙහසට ලබැදියාවට අපි අර්ථයක් දිය යුතුයි.ඒ අර්ථය ඔහු/ඇය අපට ලබාදුන් දෙයට සමකල නොහැති විය හැක නමුත් හෘද සක්ෂිය අනුව අපිට අවංකව සතුටු වෙන්ඩ පුළුවන්. එ මිනිහව විහිලුවට ගන්නවා කියන්නෙ ....... හිස්තැන ඔබ සතුයි. මිනිසා කියන්නේ ලොව බුද්ධිමත්ම සත්වයා වුවත් සමහර මිනිසුන් එයට සැබෑ ලෙසම නිසි අර්ථකතනය ලාබා දෙන්නේ නැත. අනෙකාගේ හැගීම් සමග සෙල්ලම් නොකර අනෙකාගේ හැගීම් තෙරුම් ගත හැකිනම්, ඒවාට නිසි වටිනාකම දිය හැකිනම් එතනදි අපි දිනුම් කියල හිතන්න පුළුවන්.

       අපිට මේ ලොකේ තනිවම ජීවත් විය නොහැක. අනිත් මිනිසුන්ගේ ආදරය කරුණාව ලෙන්ගතුකම අපි බලාපොරොත්තු වෙනවා. එවා ලබාගැනීමට අපි කැමතියි. නමුත් සිතා බැලිය යුත්තේ අපි අනුන්ටද ඒ දෙවල් ලබාදෙනවාද කියන දේයි. හැම‍දේම අනෙකාගෙන් පමණක් බලාපොරොත්තු වීමෙන් අපට ජීවිතය සාර්ථක කර ගැනීමට හැකිවේද? අනෙකාට අපි සලකන , ගරුකරන විදිය අනුව තමයි ඒ දෙවල් අපිට ලැබෙන්නේ. අනෙක් කාරණය මුදලට හැම දේම කල නොහැක. මුදලට වාඩා යමක් මනුස්සකමින් කලහැක යන්නයි මගේ අදහස. අපි පිට කරන වචනයක් පවා අනෙකාගේ හද පෙලා දැමීමට නොව අප කෙරෙහි ලෙන්ගතුකම වැඩිකිරීමට හැකිවන පරිදි භාවිතා කල හැක නමුත් එය බොහෝදෙනා තේරුම් ගෙන නැත. අපේකම කියන සංකල්පය මුදල සමග වචනයට පමනක් සීමා වෙලා. අපිට නිහතමානී පුද්ගලයන් වෙන්නට හැකිනම් අනිවරයෙන්ම මෙ ලොකය සුන්දර වෙනවා සත්තයි.....


      මගේ සිතේ තැලෙන පෙලෙන මිරිකෙන අදහස් බිදක් එලියට දැමුවා පමණයි. මෙය හුදෙක් අදහසක් පමණක් ලෙස ඔබේ ජීවිතයට නොගනී යැයි මා සිතමි. මා වැරදි විය හැක. ඔබගේ නිවරදිකීරිම් සතුටින් භාරගනිමි. 

 ස්තූතියි